බිම්බෝම්බ ඉවත් කිරීමට නෝර්වේජියානු සහය (වීඩියෝ)

මාර් 05, 2019

    ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ලබාදීමට නෝර්වේජියානු රජය එකඟ වී තිබේ.

    ඒ ඉදිරි අවුරුදු තුනක කාලයක් සඳහා. එරට රාජ්‍ය ලේකම් මේරියෑන් හාගන් මහත්මිය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළාය. ඉකුත් වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව තුළ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රතිශතය 94%ක්. බිම් බෝම්බවලින් තොර රටක් සඳහා ශ්‍රී ලංකාවේ අරමුණට තම රටෙහි කැපවීම ඉදිරියටත් සිදු කරන බවයි, රාජ්‍ය ලේකම්වරිය කියා සිටියේ.

    බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ සභාපතිත්වය දරන්නේ ද නෝර්වේ රාජ්‍යයයි. ඇය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මුණ ගැසී සාකච්ජා පවත්වනු ඇත. නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරියගේ චාරිකාව අතරතුර, තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ ගිවිසුමකට එළඹීමට ද අපේක්‍ෂා කෙරේ. මේරියෑන් හාගන් මහත්මිය, සමාජ සේවා වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතයි. දෙදින නිල චාරිකාවක් සඳහා ඇය අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 20:23

    Latest News