ජනපති පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ දුක් ගැනවිලි සොයා බලයි (වීඩියෝ)

මාර් 05, 2019

    ජනපති පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ දුක් ගැනවිලි සොයා බලයි.

    අද (05) දහවල් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි මහජන දිනයට එක්වෙමින් දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරින් හමු විය. උසස්වීම්, ස්ථාන මාරුවීම් ඇතුළු සිය ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් අමාත්‍යාංශය වෙත පැමිණ සිටී අතර, ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා එම දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන්නේ ය.

    අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ හමුවකට එක් වූ ජනාධිපතිතුමා, උපදෙස් දුන්නේ පොලිස් සේවයේ සියලූ නිලධාරින්ට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ සියලූ ගැටලූවලට විසඳුම් ලබාදීමට පියවරෙන් පියවර කටයුතු කළයුතු බවයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 20:33

    Latest News