නාය අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි

අප්‍රේ 11, 2022

    දිස්ත්‍රික්ක 08කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (10) නිකුත් කළ එම නිවේදන තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

    බදුල්ල, කොළඹ, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට මෙලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    Latest News