පුත්තල‍මේදී නාවිකයින්ට ලාංඡන පළඳවයි

අප්‍රේ 11, 2022
    නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල  නිලධාරීන්  04ක්  සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා (09) පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණ.
    මෙම ලාංඡන පැලඳවීම,  නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
     
    මාස 08ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලාවේ දුෂ්කර පුහුණුව  තුලින් කුඩා යාත්‍රා යොදා ගනිමින් ක්‍රියාන්විත මෙහෙයුම් සිදු කිරීම මෙන්ම හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් හිදී විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා ද අවශ්‍ය මනා පුහුණුවක් ලබා දී ඇත.

    Latest News