මහබැංකු අධිපතිගෙන් පණිවුඩයක්...

අප්‍රේ 10, 2022

    ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රාණී ජයමහ මහත්මිය සිය තනතුරුවල අඛණ්ඩව සේවය කිරීමට එකඟවීම පිළිබඳ තමා ඉමහත් සතුටට පත්වන බව, මහබැංකු අධිපතිවරයා කියා සිටිනවා.

    ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂාකරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියාකර ඇති අතර, මහබැංකුවේ සියලු කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී තිබෙනවා. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ තමා පූර්ණ විශ්වාසයෙන් පසුවන බැවින් ඔවුන්ගේ අඛණඩ දායකත්වය සහ අගනා මගපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, මහබැංකු අධිපතිවරයා ලෙස තමාටත් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ.

    Latest News