ඉදිරි වසර 06 සඳහාත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ....

ජූනි 29, 2022

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

    ‍හෙටින් (30) වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය අවසන්වීමට නියමිතයි.  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වශයෙන් 2016 ජූනි මාසයේ දී වැඩ භාර ගත් නිල ධූර කාලය මෙසේ හෙටින් අවසන් වීමට නියමිතව ඇත. මෙම ධූර කාලපරිච්ඡේදය තුළ මහ බැංකු අධිපතිවරු සිව් දෙනෙකු, මහ බැංකු අධිපති ධූරය හොබවා තිබීම විශේෂත්වයක්. ඒ, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්වේ.

    Latest News