දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට...

අප්‍රේ 10, 2022

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කිලෝමීටර් 17, මිල්ලනිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුර අද (10) සිදුවුණා. නිවසක බඩුභාහිර ආදිය රැගෙන ගාල්ල දෙසට ගමන් කළ ලොරි රථය නවතා රියදුරු ඉන් බැසගොස් තිබෙනවා. පොල්ගහවෙල ප්‍රදේශයේ පිංකමකට ගොස් මතුගම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එම ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුරු සිදුවුණා.

    ලොරි රථයෙන් බැස සිටි එහි රියදුරු අනතුර හේතුවෙන් ලොරියට සහ ආරක්ෂිත වැටට සිරවී මියගොස් තිබෙනවා. ඔහු කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෑන් රථයේ ගමන්කළ සියලු දෙනා තුවාල ලබා ඇති අතර එම තුවාල ලැබූ 13දෙනා අතුරින් වැඩි පිරිසක් කාන්තාවන්. ඔවුන් නාගොඩ සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

    පොලීසිය ප්‍රකාශ කළේ, වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වුවත්, මියගිය ලොරි රථයේ රියදුරුද අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ලොරි රථය නතර කර තිබූ බවයි.

    Latest News