දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මි. 100 ඉක්මවූ තද වැසි (වීඩියෝ)

අප්‍රේ 10, 2022
  • දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ ඇතිව තිබෙන කැළඹිළි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වය තවදුරටත් බලපැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව බොහෝ ප්‍රදේශවලට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. දකුණු පළාතේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර දක්වා වැඩිවිය හැකිබවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. අප වාර්තාකරු සඳහන් කළේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් ද මේ වන විට විවෘත කර ඇති බවයි.

    Latest News