නිවාස සහ වගා බිම් වනසන වන අලි (වීඩියෝ)

අප්‍රේ 09, 2022
  • අනුරාධපුරය තඹුත්තේගම මලියදේවපුර සහ කොත්මල්පුර ගම්මානවල වගා බිම් හා නිවාස කිහිපයකට ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාර එල්ලවී තිබෙනවා.

    ජනතාව පවසන්නේ, මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් දේශපාලනඥයන් හා නිලධාරින් දැනුවත් කළද මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි. රසායනික පොහොර භාවිතයකින් තොරව වගා කරගත් වී අස්වනු සහ විවිධ භෝග වර්ගවලටද වන අලි හානි සිදුකර තිබෙනවා. නිවාසවල ගබඩාකර තිබූ වී ආහාරයට ගැනීමට අලින් නිවාසවලට පහරදෙන බවයි ගම්වාසින් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 09 අප්‍රේල් 2022 15:58

    Latest News