වනඅලි පහරදීමෙන් වැල්ලවායේ නිවාස 2ක් විනාශයි

පෙබ 12, 2020

    වැල්ලවාය,ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

    මෙලෙස ගම්වැදුනු වනඅලි විසින් ඊයේ රාත්‍රී කාලයේ දී නිවාස දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ. එම නිවාස දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.එම නිවෙස් දෙකෙහි කුඩා දරුවන්කිහිප දෙනෙකු ද සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත අනූනවයෙන් බව සිද්ධිය දුටුවන් පවසයි.

    පසුගිය සතියක කාලය තුල පමණක් ආනපල්ලම ප්‍රදේශයේ නිවාස පහකට ආසන්න ප්‍රමාණයක් වන අලි විසින් විනාශ කර ඇති අතර වගාවන් රැසක්ද විනාශ කර තිබේ.පවතින විදුලි වැට කිසිඳු නඩත්තුවකින්තොරවීම නිසා වනඅලි ගම්වදින බවයි, ප්‍රදේශයේ ජනතාව පවසයි.

    කඩිනමින් මෙම ගැටලුවට විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

    20200212 090520

    20200212 090438

    20200212 090415

    20200212 090402

    20200212 090529

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 10:13

    Latest News