2019 අය වැය - මුදල් ඇමතිගෙන් පාර්ලිමේන්තුවට (සජීව විකාශය)

මාර් 05, 2019
  • update - මුදල් ඇමති පාර්ලිමේන්තුව ඇමතීම

    download 11- කැසිනෝ සඳහා ඇතුළුත්වීම සඳහා ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩි කෙරේ.

    download 9 අද මධ්‍යම  රාත්‍රියේ අතිවිශේෂ මත්පැන් හැර අනෙකුත් මත්පැන් මිල ඉහළට

    download 12- 2019 අප්‍රේල් පළමු වැනි දා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 100 කින් වැඩි වේ. 

    download 10- මාර්තු හය වැනි දා සිට සුඛෝපභෝගී වාහන ආනයන බද්ධ සංහෝධනය කෙරේ. වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200ක මුදල් තැම්පතුව ඉවත් කෙරේ.

    download 8- මිලිමීටර 60ක දිගින් යුත් දුම්වැටියක් සඳහා 12%ක බද්ධක්. ඒ අනූව අවම වශයෙන් දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළට.
    - බීඩිකොල සඳහා වූ සෙස් බද්ධ කිලෝ 1කට රුපියල් 2500 සිට 3500 දක්වා වැඩි වේ. අවම වශයෙන් බීඩි එකක මිල ශත 50කින් ඉහළට. 

    Main temples in Colombo aniwa 04 -  විහාරස්ථාන සඳහා සූර්යබල විදුලිය ලබාදීම සඳහා සෑම විහාරස්ථානයකටම රුපියල් ලක්ෂ 3ක මුදලක්..

    images 4- ආපදාවට ලක්වූ නිවාස පුනරුත්තාපනයට රුපියල් මිලියන 200ක මුදලක්. මේ අනූව තෝරාගත් ප්‍රදේශවල නිවාස ඉදිකිරීම් සිදුවේ..

    samurdhi- සමෘධි වැඩසටහන වඩාත් පුළුල් හා වඩාත් ප්‍රතිඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තවත් පවුල් ලක්ෂ 6කට සමෘධි සහනාධාරය ලබා දීමට පියවර

     - අල්ලස් හෝ දුෂණ කොමිසමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක මුදලක්.

    - නිල ඇඳුම් පවත්වාගෙන යාමේ ගාස්තු රු.600 දක්වා ඉහළට. යුධ හමුදාවේ කමාන්ඩෝ මාසික දීමනාව රු.1000 සිට 5000 දක්වා ඉහළට..ගෙවල් කුලී දීමනාව 30%කින් ඉහළට..ත්‍රවිධ හමුදාවටම සමානව මෙම සේවාවන් ලැබෙනවා..

    images 3- රාජ්‍ය සේවකයින්ගේ වැටුපට රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලබාදීමට 2019 අයවැයෙන් යෝජනා කර තිබේ. එය ලබන ජූලි මස සිට ක්‍රියාත්මකයි. ග්‍රාමීය ජනතාව සහ තරුණ ප්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් යෝජනා රැසක් ද ඒ අතර වේ. සමාජ සුබසාධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති රැසක් මෙවර අයවැයට එක්කර තිබීම විශේෂත්වයක්.

    - විශ්‍රාමිකයින්ගේ ද විශ්‍රාම වැටුප් විෂමතා අවසන් කිරීමට පියවර ඒ සඳහා රු. මිලියන 12000ක්. එයින් විශ්‍රාමිකයින් පන් ලක්ෂ 85,000කට පමණ සහන.

    - 2016 වසරෙන් ආරම්භ කළ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම 2020 වසර දක්වා අධියර 5කින් ක්‍රියාත්මකයි. එමෙන්ම වැටුප් විෂමතාවන් සඳහා පත්කළ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලය අධ්‍යනය කරමින් සිටියි..ඒ අනූව ඉදිරියේ දී වැටුප් විෂමතා ගැටලුව අවසන් කෙරේ..එමෙන්ම, ජුනි මස සිට රජයේ සෑම සේවකයෙකුටම රුපියල් 2500ක දීමනාවක් පිරිනැමේ.

    1- දුම්රිය පහසුකම් වඩාත් පුළුල් කිරීම සඳහා කල්බදු ක්‍රමය යටතේ දුම්රිය මැදිර ලබාගෙන ධාවනය කිරීමට අවශ්‍ය මාර්ග 4ක් හදුනාගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ආරම්භවන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කෙරේ.

    Buses- ලංගම සමස්ත බස් රථ ප්‍රමාණයෙන් 40%නක කොටසක් ලැබෙන පරිදි ගොඩනැංවීමටත් මුළු රටක ඒකාබද්ධ කරන ඩිජිටල් සන්නිවේදන මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමටත්.. බස් රථ  ගෙන්වීමටත් රුපියල් මිලියන 1300ක්. 

    - වාහන තදබදය අවම කිරීමට අපගේ අවදානය යොමුවිය යුතුයි..සහසර බස් නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව...

    - කල්මුනේ, වාලච්චේන නගර සංවර්ධනයට පියවර ගන්නවා..

    - බේරේ වැව ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි..අරුවක්කාලු කසළ ප්‍රතිචක්‍රීකරණ ආයතනය ගොඩනැගීම රුපියල් මිලියන 7000ක්.ගංවතුර පාලනය, බැද්දගාන උද්‍යානය, කොළඹ මහ කොළඹ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 900ක්..

     surrey groundප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩා නගාසිටුවීමට මාතලේ අළුවිහාර ක්‍රීඩාංගණය, කොලොන්නාව මල්ලිමාරච්චි ක්‍රීඩාංගණය සංවර්ධනයට පියවර

    -කෘෂිකර්මය, සත්ව පාලනය, විසිතුරු මසුන් වගාව, ඩෝසර් භාවිතය ආදිය පුහුණු කිරීමට යුද හමුදාව ඉදිරිපත් වී සිටිනවා. එන්වීකිව් සහතික දෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ඇති කරනවා. ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණියන්ට නොමිලේ යුද හමුදා කඳවුරුවල පුහුණු අවස්ථාව දෙන ක්‍රමයක් ඇති කරනවා.

    download 6 - සුවසැරිය ගිලන්රථ සේවය දිවයින පුරා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 600ක්..ඒ අනූව දිවයින පුරා සුවැසරිය ගිලන්රථ නැවතුම් ස්ථාන 300ක්..ඉන් 100ක් මේ වසරේ ඉදිකිරීමට නියමිතයි.

    download 7-රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයක් ඇති කරනවා.

    - උසස් අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම වෛද්‍ය පහසුකම් දියුණු කිරීමට සබරගමුව හා කුලියාපිටිය වෛද්‍ය පී‍ඨ සඳහා රත්නපුර මහ රෝහල හා කුලියාපිටිය මහ රෝහල ඒකක කරගනිමින් මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට පියවර 

    - අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුදර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා. 

    download 5- අධ්‍යාපනයෙන් ඉහළට යන දරුවන් දිරිගැන්වීමට අධ්‍යාපන විශිෂ්ඨත්ව ශිෂ්‍යත්ව  වැඩසටහනක්..එය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි..2019 වසරේ හොදම උසස් පෙළ ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනෙකුගෙන් එය ආරම්භ කෙරෙනවා..විදේශීය ප්‍රමුඛ පෙළේ විශිෂ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව.. 2020 දී 28ක් යැවීමට බලාපෙරොත්තු වනවා..

    - සෑම දරුවෙකුටම වසර 13ක අධ්‍යාපනයක් ලබාදීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට පියවර ගන්නවා..ඒ සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 32000ක්..

    Tou- තරුණ සංචාරකයන්ට හා ළමා සංචාරකයන්ට සංස්කෘතික ස්ථාන නැරඹීම සඳහා අය කෙරෙන ගාස්තු 50%කින් අඩු කිරීමට පියවර.. 

    images 2-මැණික් කැපීම හා ඔප දැමීමේ යන්ත්‍ර ආනයනය කිරීමේ වරාය හා ගුවන් තොටුපොළ බද්ද අඩු කෙරේ.

    - සාංචාරක ආයතන ඔන්ලයින් සේවාව ඔස්සේ වෙන්කර ගැනීමේ පහසුකම් වැඩිදියුණු කර ගැනීමට පියවර. මේ අනූව පුද්ගලික අංශය සංචාරක කර්මාන්තයට ආකර්ෂණය කරගැනීමට, සංචාරක මණ්ඩලය දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.. සාංචාරක ආයතන ඔන්ලයින් සේවාව ඔස්සේ වෙන්කර ගැනීමේ පහසුකම් වැඩිදියුණු කර ගැනීමට පියවර.

    download 2- අලුත විවාහවන තරුණ අයට වසර 25කින් ගෙවිය හැකි පරිදි තමන්ගේම නිවාසක් ඉදිකර ගැනීමට ණය යොජනා ක්‍රමයක්..පොලිය 6%යි. එමනේම විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට සිහින මාලිගා ණය ක්‍රමයක්. එය අවුරුදු දෙකකින් පසු ගෙවීම ආරම්භ වන අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි ණය ක්‍රමයක්.

    - කුඩා ප්‍රමාණයේ වැරදිවලට සිරගතව සිටින කාන්තාවන් වෘත්තීමය මට්ටමේ පුනරුත්තාපනය  කිරීමට දොම්පේ ප්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 50ක්.

    download 3- නිදන්ගත වකුගඩු රෝගීන් 21,000කට රුපියල් 5000 බැගින් ලබාදෙනවා..එය තවත් 5000කින් වැඩි කිරීමට පියවර..

    - ආබාධිත පුද්ගලයන්ට ගෙවන රු.300ක මුදල 5000 දක්වා වැඩි කෙරේ.

    - 72,000කට වැය කරන මුදල රුපියල් මිලියන 4000ක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමක් කර, රැකවරණ යෝජනා ක්‍රමය යටතේ ඊට ණය පහසුකම්..

    - කාන්තාවන් රැකී රක්ෂාවල නිරතවිම නිසා දරුවන් සුරැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වනවා..

    images- සේවකයින් 250 දෙනෙකුට වැඩි සේවා ස්ථාන ආශ්‍රිතව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම රජයේ නව යෝජනාවක්. තෝරාගත් පාසල් ආශ්‍රිතව ද මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීම අයවැය යෝජනා අතරට ඇතුළත්.

    ළමා සුරැකීමේ මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවල දී එවැනි පහසුකම්  සපයන ආයතනවලට එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය පහසුකම් සලසා තිබේ. තෙමසක ප්‍රසූත නිවාඩු පෞද්ගලික අංශයෙත් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වනවා..

    - රට පුරා වැසිකිලි හා කැසිකිලි වැනි සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4000ක්. ප්‍රධාන බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථානවලටත් නවීන පහසුකම් සහිත වැසිලිකි ඉදිකිරීමට කටයුතු කරනවා..

    - පේදුරුතුඩුවේ සහ පේසාලේ වරාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1300ක මුදලක් වෙන් කරනවා..

    download - වියලන දල පොල්, පොල්මද සැකසීමේ පිගන් කර්මාන්තය මැටි වැනි අමුද්‍රව්‍ය කැනීමේ දී ගැටලු මතුව තිබෙනවා..

     kurudu-පරිසරය ආරක්ෂා කරමින් පහසුකම් සමාලෝචනය කිරීමට පියවර ගන්නවා..කුරුඳු තලන්නන්ගේ හිගය පියවීමට බලපිටිය කොස්ගොඩ පුහුණු ආයතන පූර්ණ ධාරිතාවකින් මෙහෙයුවීමට රුපියල් මිලියන 75ක් වෙන් කර තිබෙනවා..

     -කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්තයට මනා ජල ප්‍රවේශයක් සඳහා 2020 වන විට මොරගහකන්ද ජලාශයේ කටයුතු අවසන් කෙරෙනවා..

    download 1- මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ තවදුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ. මීට සමගාමීව දැදුරු ඔය, මැණික් ගඟ, මොරැන්න ඇතුළු ව්‍යාපෘති 7ක් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල්මිලියන 2410ක්.

    images 1- රට තුල ටයර් නිෂ්පාදනය, රබර් කිරි නිෂ්පාදනය ගැටලුවක් පවතිනවා..මේ සදහා දිරිගැන්වීම් දෙගුණ කරමින් රුපියල් මිලියන 850ක් වෙන්කර තිබෙනවා..

    - රබර් වගාව දිරිගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට යෝජනා කෙරිණ. ඒ සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීමට නියමිතවේ. ජාත්‍යන්තර කුරුඳු වෙළෙඳපොළේ ලංකා කුරුඳු සඳහා පැවති ඉඩ යළි ලබාගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 75ක අයෝජනයක් සිදු කිරීමට නියමිතයි.

    - පසු අස්වනු හානිය අවම කරගැනීම සඳහා රුපියල් මිලියන 400ක වියදමින් ගබඩා සංකීර්ණ පිහිටුවීම වෙවර අය-වැයේ යෝජනාවන් අතරට ඇතුළත්වේ. එහි පළමුවැන්න දඹුල්ලේ ඉදිකෙරෙන අතර, ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙටිපොළ පිහිටුවීමට නියමිතයි.

    - කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින් සවිබල ගැන්වීමේ අරමුණෙන් කුඩා ට්‍රක්රථ වැනි උපකරන සඳහා බදු අඩු කිරීමට බලාපොරොත්තු වනවා.. ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් ගම් පෙරළිය වැඩසටහන සඳහා මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන සියයකින් ඉහළ දමා තිබේ. සමස්ත ව්‍යාපෘතියට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4800ක්.

    දවස් 52 කුමන්ත්‍රණයේ ගොදුරබවට පත්වූයේ මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන්..ඔවුන්ගේ කුමන්ත්‍රණය කාලතුල දී මෙම වැඩසටහන මුළුමනින්ම නතර වුණා..අපි දැන් එය ශක්තිමත්ව ක්‍රියාමක කරගෙන යනවා..මේ වසරේ අය වැය අපි හදුන් වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරලිය යන සංවර්ධන වැඩසටහන් මූලික කරගනිමින් ශ්‍රී ලංකා ජනතාවට ශක්තිය - දුප්පතුන්ට රැකවරණය යන තේමාවෙන් සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා..අධ්‍යාපනය හා සෞඛ්‍ය නගාසිටුවීම ද අපේ ප්‍රධාන අරමුණයි..

    ප්‍රතිලාභීන් සවිබලගැන්වීමට අවශ්‍ය නම් මෙම වැඩසටහන් විධිමත්ව ප්‍රතිසංවිධානය කළ යුතු වනවා..එය ඉටු කිරීමට බලාපොරොත්තු වනවා..පසුගිය වසරේ ඔක්.26 වැනිදා ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදයෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා. එයින් දැඩි බලපෑමක් එල්ල වූයේ සංචාරක කර්මාන්තයටයි. මෙම දේශපාලන කුමන්ත්‍රණයෙන් ඇද වැටුණු ආර්ථිකය සහ රටේ යහපාලන වටපිටාව ගොඩනැංගීම දැන් අපි ආරම්භ කර තිබෙනවා..

    කතානායක කරූ ජයසූරිය මහතා 2019 අය වැය ආරම්භය සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

     පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව රැකියා අවස්ථා සඳහා ආදායම් ඉපැයීමේ අවස්ථා උත්පාදනය කිරීමට නියමිත තිබේ. 

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 20:16

    Latest News