රටේ අහිංසක ජනතාවට බරක් නොවු අයවැයක්

මාර් 11, 2019

    රටේ අහිංසක ජනතාවට බරක් නොදී අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් රටක ආර්ථිකය දියුණු වන්නේ සමාජයක් දියුණු වීමෙන් බවත් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට අද (11) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    වියදම ගැන බැලුවාම පුදුම වෙනවා කොහොමද ආර්ථිකයක් හදන්නේ කියලා. මෙවැනි විශාල අයවැය පරතරයක් දැකලා නෑ. එසේ තිබිය දී බොහොම කල්පනාකාරීව රටේ අනාගතය දෙස බලලා යෝජනා රැසක් ඉදිරිපත් කර, ඵලදායි යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙන්නේ.

    අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන් කරලා. ශ්‍රී ලංකාවට බුද්ධිමතුන් ඕනැ. ඒ සඳහා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන තුළින් සරළව ගම දියුණු කිරීමට ප්‍රතිපාදන ලබාදෙන්න පුළුවන් වුණා. දක්‍ෂතාව තිබුණට කර්මාන්තයක් කරන්න බැරිවුණා මූල්‍ය ආධාර නොමැතිකමින්. ඒ සඳහා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහනයක් ලබාදී තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, කර්මාන්තවලට අමුද්‍රව්‍ය ලබාදීම, පිගන් කර්මාන්තය වැඩි දියුණු කිරීම අයවැය සඳහන් කර තිබෙනවා. රටේ අහිංසක ජනතාවට බරක් නොදී අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙය ප්‍රායෝගික අයවැයක් බවද අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:23

    Latest News