2022 පළමු පාසල් වාරය අප්‍රේල් 18 ඇරඹේ

නොවැ 29, 2021

    සියලු පාසල් සඳහා 2022 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

    ඒ අනුව, 2021 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2022 අප්‍රේල් මස 8 වැනිදා අවසන් වේ.

    2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා 2021 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ මස 26 වැනිදා නිකුත් කර ඇති චක්‍රලේඛයේ මේ බව සඳහන් වේ. සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

    මේ අනුව, 2021 වර්ෂය ය අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි 22 වැනි දිනත්, අ.පො.ස. උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 5 වැනිදා තෙක් ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මැයි 23වැනිදා සිට ජූනි 1 වැනිදා තෙක් ද පැවැත්වීමට නියමිතය. පාසල් විවෘත කිරීමෙන් පසු 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත සම්බන්ධ මාර්ගෝප දේශ දීම පිළිබඳ නිකුත් කර ඇති ED/01/44/01/01-2 හා 2021-11-09 දිනැති ලිපිය අවලංගු කෙරෙන අතර, එම විභාග පැවැත්වෙන ශ්‍රේණිවල අදාළ විෂය නි ර් දේ ශ ආවරණය සඳහා ප්‍රමාණවත් කාලයක් පවතින බැවින් එම විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කිරීමට කටයුතු කළ බවද අමාත්‍යාංශය මෙමඟින් දැනුම්දී තිබේ.

    2021 වසරේ නත්තල වෙනුවෙන් සියලු පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දින නිවාඩු ලබා දී තිබේ. එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනි දින යළි පාසල් ආරම්භ කෙරේ. අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා 2022 පෙබරවාරි 3 වැනිදා සියලු පාසල් සඳහා නිවාඩු හිමිවේ. එහෙත් මෙම විභාගය පැවැත්වීමේදී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදීමට තීරණය කර ඇත. උසස් පෙළ විභාගයෙන් පසු මා ර් තු 07 වැනිදා පාසල් යළි ආරම්භ කෙරේ.

    අප්‍රේල් 9 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා තෙක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සඳහා නිවාඩු හිමිවේ. රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 01 වැනිදා සිට මැයි 03 වැනිදා තෙක් නිවාඩු ලබා දෙන අතර, එම පාසල් මැයි 04 වැනිදා යළි ආරම්භ කෙරේ. 2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන ව ර් ෂ ය 2022 අප්‍රේල් 18 දිනෙන් අවසන් වේ.

    එසේ වුවද එම සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණ හෝ වෙනත් විකල්ප ක්‍රම මඟින් වැඩි දුරටත් විෂය කරුණු ඉගැන්වීම හෝ පුනරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන්ය. එසේම, 2022 වර්ෂයේ පාසල් වාර සටහන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 10:21

    Latest News