ලෙබනනේ ලාංකිකයින් 171ක් දිවයිනට

ජූනි 26, 2020

    ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171ක් අද අලුයම 5.41ට පමණ රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරූට් ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි රැඳී සිටි මෙම පිරිස රැගෙන අද (26) අලුයම 5.41ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News