මීළඟ ජනපතිත් රෙද්ද, බැනියම අඳින කෙනෙක්; වෙල්ගම (විඩියෝ)

මාර් 04, 2019

    2020 වසරේ ජනාධිපති නැවතත් සිංහල ජාතික ඇඳුම අදින අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ගුණසමරු උත්සවයට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
    කුමාර වෙල්ගම මහතා....


    “තවම අපේ පක්ෂයෙන් තෝරලා නැහැ ජනාධිපති අපේක්ෂකයා. මං යමක් කිව්වොත් හරියනවා කියලා සාමාන්‍යයෙන් ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. මම කියනවා විශේෂයෙන්ම ලබන ගමනත් ජනපතිවරණයක් පැවැත්වුවහොත්, අපි දන්නේ නැහැ 20 වැනි සංශෝධනය ගෙනල්ලා නවත්වාවිද කියලා.

    නමුත් ඡන්දය පැවැත්වුවොත් රෙද්ද-බැනියම අඳින නැතිනම් ජාතික ඇඳුම අඳින අයෙක් තමයි ජනාධිපති වෙන්නේ. මම ආදරය කරන්නේ මහින්ද රාජපක්‍ෂට. වෙන රාජපක්‍ෂවරු මගේ ගාව නැහැ. මට ඉන්නේ එක රාජපක්‍ෂයි. ලියාගන්න ලබන ගමනත් ජනාධිපති වෙන්නේ ජාතික ඇඳුම අඳින කෙනෙක් කියලා මම ප්‍රත්‍යක්‍ෂව කියනවා. යැයි කුමාර වෙල්ගම මහතා පැවසීය.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 20:28

    Latest News