සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

මාර් 26, 2022

    අද (26) දිනයේ ද කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනූව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12ට තවදුරටත් පැය 5 ක් විදුලිය කප්පාදුවක් කෙරෙන ඇති.

    P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි.

    P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 26 මාර්තු 2022 09:11

    Latest News