වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද ජනපති හමුවෙයි

මාර් 23, 2022

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් අද (23) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණියාය.

    එමෙන්ම අමෙරිකානු නියෝජිත පිරිස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ ද හමුවීමට නියමිතයි.

    අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය අද විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය ද දැරීමට නියමිතයි.

    Latest News