අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

මාර් 15, 2022

    අද (15) දිනයේත් කාණ්ඩය කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරන බව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනූව 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කෙරේ.

    A,B,C,D,E,F,G,H කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර ඇත.

    එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

    එමෙන්ම හෙට උදෑසන 9.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

    එමෙන්ම එම කලාපවලට සවස 5.00 සිට රාත්‍රි 9.00 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙනු ඇත.

    Latest News