වී අස්වනු මිලදී ගැනීම සාර්ථකයි...(වීඩියෝ)

මාර් 14, 2022
  • උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් 18,700ක් මිලදී ගෙන අවසන් බව, වී අලෙවි මණ්ඩලය පවසනවා.

    ඒ, රජයේ සහතික මිල යටතේ. වවුනියාව, යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල දී වී අස්වනු මිලදී ගැනීම සාර්ථකව ක්‍රියාත්මකයි. වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත් ප්‍රාදේශීය කළමණාකරු ඩබ්.එම්.එන්.ආර්. වීරසේකර මහතා කියා සිටියේ, ගබඩා 24කදී වී මිලදී ගැනීම් සිදුකරන බවයි. නාඩු වී කිලෝවක් රුපියල් 90කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 92කට ද මිලදී ගැනෙනවා. කීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 95කටයි. ඊට අමතරව, ප්‍රවාහන දීමනාවක් ලෙස වී කිලෝවකට රුපියල් 2ක් ද, වී ඇසුරුම් බෑගයක් සඳහා රුපියල් 40ක ගෙවීමක් ද සිදු කරන බවයි ඔහු සඳහන් කළේ....

    Latest News