බස් ගාස්තු ඉහළ දැමීම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට

මාර් 14, 2022

    බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (14) අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත් ඉන් අනතුරුව ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවත් ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඉන්ධන මිල වැඩිවීම සැලකිල්ලට ගෙන බස් ගාස්තු වැඩිකිරීම හා බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර ඊයේ (13) පැවැත්විණි.

    මගීන්ට බරපතළ අසාධාරණයක් නොවන බස් හිමියන්ට ද සාධාරණයක් වන ගාස්තු සංශෝධනයක් අද (14 ) මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුවනු ඇති බවත්, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2ත් 3ත් අතර මුදලකින් ඉහළ යා හැකි බවටත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

    ඒ අනූව, අවම ගාස්තුව මෙන්ම සෙසු දුරගමන් ගාස්තු ද වැඩිවීමට අදාළ යෝජනා දෙකක් අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.

    නව ගාස්තු සංශෝධනය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් මිල සැලකිල්ලට ගෙන සකස් කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසයීය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176 ක් දක්වාත්,ලංකා ඉන්දීය තෙල් සමාගමේ (LIOC) ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214 ක් දක්වාත්, මේ වන විට ඉහළ ගොස් ඇති ගොස් තිබේ.

    Latest News