මාර්තු 14 සිට සියලු සිසුන් පාසල් වෙත කැදවයි

මාර් 12, 2022

    මාර්තු 14 වැනිදා සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් ඇත.

    පවත්නා කොවිඩ් - 19 වසංගත තත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පවසන්නේ.

    Latest News