අදත් පැය කිහිපයක විදුලි කප්පාදුවක්

මාර් 12, 2022

    අද (12) දිනයේ ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනුව, P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 10.00 සිට දහවල් 2.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් හා සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

    මේ අතර, A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    Latest News