මීළඟ පාසල් වාරයට පෙර පාසල් පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ජූනි 09, 2023

    ඉදිරි පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පවිත්‍ර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම අරමුණයි. මීලඟ පාසල් වරාය ආරම්භ කෙරෙන්නේ ලබන සඳුදායි.

    මේ පිළිබඳ දැණුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. පවතින වැසි සහිත කාළගුණයත් සමග ඇතිවන ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් එය ක්‍රියාත්මක කෙරෙනවා. එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියා. කොලඹ කලාපයේ විදුහල්පතිවරුන්, පොලිස්ථානාධිපතිවරුන් සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News