අලුයම රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් මරුට

පෙබ 24, 2022

    මොරගහහේන - හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද අළුයම මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

    මියගොස් ඇති තරුණයා හොරණ මිල්ලෑව පදිංචිව තරුණයෙක්.

    මියගිය තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධනවත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට ගොස් යළි මිල්ලෑව නිවස බලා පැමිණෙමින් සිටියදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේන සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ  මෝටර් රථයක ගැටී තිබේ.

    අනතුරින් මෝටර් රථ දෙකටම බරපතල අලාභ සිදු ව තිබේ.

    Latest News