ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව අභාවප්‍රාප්ත වෙයි

පෙබ 24, 2022

    ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ පස්වරුවේ (23) අභාවප්‍රාප්ත විය. 

    ප්‍රවීණ ගත් කතුවරයකු හා ලේඛකයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ දෙටු පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මිය යන විට 78 වියේ පසුවිය.

    කොට්ටාවේ ආනන්ද විදුහලේ, මහරගම විද්‍යාකර විදුහලේ මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වූ ඒ මහතා තරුණ වියේදීම පත්තර කලාවට එක්වූයේ 1963 වසරේදීය.

    ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලි ගේ කතාව, සත්‍යවාදියෙකුගේ දිනපොත , ශ්‍රී ලාංකික පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් ග්‍රන්ථ කීපයකි.

    එසේම සුනිල් මාධව යන් විසින් රචනා කරන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දසකයේ ශ්‍රී ලාංකීය පුවත්පත් මාධ්‍ය කලාවේ තීරුලිපි රචනාව නව පරිවර්තනයක් ඇති කළේය. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නැගී එන නවක මාධ්‍යවේදීන් හට ගුරු හරුකම් ලබාදුන් සුනිල් මාධවයන් අති දක්ෂ දේශකයෙක් ද විය.

    මීට අමතරව ඔහු හඩනු මැන නිදහස,ඇමරිකා ඇමරිකා,කැරොලිනාගේ දිනපොත හා මොහොමඩ් අලි ඇතුළු පොත් කිහිපයක් පරිවර්තනය කර තිබේ.
    සුනිල් මාධව ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ නිම්වලල්ල යන නමින් චිත්‍රපට තිර පිටපතක් ලියූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩි.රංජිත් කුමාර ඇතුළු ශිෂ්‍ය පිරිසක් සමග එක් වී එය විත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබිණ.

    Latest News