අදත් විදුලි කප්පාදුවක්

පෙබ 22, 2022

    ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබේ. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.

    ඒ අනූව, සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන කාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බවයි, මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News