සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

පෙබ 14, 2022

    සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපණ ශාලාවක මුළුතැන්ගෙහි තුළ ජීවිතක්ෂයට පත් ව ඇති බව ලිදුල පොලිසිය පවසයි.

    අද(14) උදැසන 8 ට පමණ සිදුව ඇති මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වි ඇත්තේ ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි 74 හැවිරිදි තිදරු පියෙකි.

    මරණකරු ලිදුල නගරයේ ආපණ ශාලාවක කොකියෙකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අළුයම ආපණ ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්තාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගොස් ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.

    සිරුරට ගිනි ඇවිලෙන අවස්තාවේ ආපණ ශාලාවේ කිසිවෙක් සිට නොමැති බවත්, ආපණ ශාලාවේ හිමිකරු වෙලඳසැලට පැමිණ පරික්ෂා කරන අවස්තාවේ අදාළ සිද්ධිය පිළිබඳව පොලිසිය වෙත දැනුම් දි ඇති බවයි මරණය පරික්ෂණය පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.

    Latest News