අද විදුලි කප්පාදුවක් නෑ ලංවිම පවසයි

ජන 20, 2022

    අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවු බවත් ඒ අනුව ඊයේ දිනයේ පැයයි මිනිත්තු 45ක පමණ කාලයක් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකළ බවයි වාර්තා වන්නේ.

    ඒ අනූව කොටස් හතරක් යටතේ අදාළ විදුලි කප්පාදුව සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

    කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් ලබාදීමට ඊයේ දිනයේ දී පොරොන්දු වී තිබුණි.

    Latest News