හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජන 19, 2022

    රාජකීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වීමෙන් පසු එහි පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වුණා.

    ඔහු 1951 අගෝස්තු 8 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවට එක්වූයේ 5 ආධුනික නිලධාරියා ලෙසයි. 1933 ජනවාරි 24 වැනිදා උපත ලැබූ පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතා ගුවන් හමුදාව තුළ ප්‍රකට වූයේ පැඩී මෙන්ඩිස් ලෙසයි. ගුවන් හමුදාවට එක් වීමෙන් පසු මූලික පුහුණුව හා ගුවන් උපදේශක පුහුණුව බ්‍රිතාන්‍යයේදී ලබාගත්තු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු වූ පළමු ශ්‍රී ලාංකිකයා ද වුණා. එයාර් චීෆ් මාෂල් පීඑච් මෙන්ඩිස් මහතා එවකට රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව් වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූයේ 1971 ජනවාරි 1වැනිදා යි. 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරුණු එහි පළමු ගුවන් හමුදාපතිවරයා ලෙස පීඑච් මෙන්ඩිස් මහතා ඉතිහාසගත වූයේ ඒ අනුවයි. අභාවප්‍රාප්ත ඒ මහතා ගේ දේහය ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවමංගල්‍යය අද පස් පූර්ණ හමුදා ගෞරව සහිතව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

    Latest News