රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්

පෙබ 27, 2019

    රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරාදැමුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

    අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්‍ෂකවරයා හා උප පොලිස් පරීක්‍ෂකවරයා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අධිකරණය නියම කළේය. ඔවුන් දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සේවය කර ඇත. සැකකරුවන් අද (27) ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ලබන මස 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 18:51

    Latest News