ලොරි - බස් ගැටුමෙන් 21 තුවාලයි (විඩියෝ)

ඔක් 28, 2018
  • පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ සෙවනපිටිය, සුසිරිගම ප‍්‍රදේශයේ දී අද පුද්ගලික බස් රථයක් හා ලොරිරථ ගැටීමකින් බස් රථයේ මගීහු 21 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

    තුවාල කරුවන් ප‍්‍රතිකාර සඳහා වැලිකන්ද සහ පොලොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇත.

    බස් රථයේ රියදුරා ඇතුළු ඒ තුවාල කරුවන්ගෙන් 05 දෙනෙකු තරමක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලීසිය පවසයි. මෙසේ අනතුරුට ලක්ව ඇත්තේ වැලිකන්ද කටුවන්විල සිට පොලොන්නරුව බලා ධාවනය වු පෞද්ගලික මගී බස්රියක් සහ පොලොන්නරුව සිට වැලිකන්ද දෙසට යමින් තිබූ ලොරියකි. වැලිකන්ද පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

     

     

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 12:16

    Latest News