මිනිසත්කම නික්ම යද්දී යතිවර ගුණ මතුවූ අවස්ථාවක් (වීඩියෝ)

මැයි 11, 2019

    දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසයි. 

    මෙසේ අනතුරට පත්ව ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකි. එහි දී මියගොස් ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා බව පොලීසිය කියා සිටි.

    බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ ප්ලාස්ටික් බට ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අළුයම 5.00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරෙන් බිත්තර වී ප්‍රවාහන ලොරි රථයේ රිය සහායකයා එළියට ගැනීම සඳහා පැය දෙකක පමණ අධික කාලයක් ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දැරූ බව පොලිසිය කියයි.

    හදිසි අනතුරක් සිදු වූ විගස ඔවුන්ගේ ජිවිත බේරා ගැනීමට බොහෝ දෙනෙකු එයට සහයෝගය ලබාදීම ලෝකය පුරාම දැකිය හැකි මිනිසත්කමකි. එහෙත් වර්තමානයේ සිය ජංගම දුරකථන අතැතිව රූපරාමු සමාජ මාධ්‍යයකට මුදා හැරීම සහ ඔවුන්ගේ විනෝදාංශයට ඡායාරූප ගැනීම වීඩියෝගත කර ගැනීම සිදු කරමින් තරුණියන් කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ මවිතයට පත් වීම විශේෂත්වයකි.

    ඉනාමලුව ඉසිපතනාරාමයේ විහාරාධිපති නින්ද පැල්ලේ උධිත ස්වාමීන් වහන්සේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට කඩිනමින් පැමිණ තුවාලකරුවන් බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වූ බව ප්‍රදේශවාසීහු පවසති. සිරවී සිටි ලොරි රථයෙන් එළියට ගෙන රෝහලට රැගෙන යෑම සඳහා වාහන කිහිපයක් නැවැත්තුවද වාහන කිහිපයකට කතා කළ ද එකදු වාහනයක් හෝ නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් උදිත හිමියන් සිය පන්සලේ තිබූ වෑන් රථය වහා අරගෙන විත් උන්වහන්සේ පොලිසිය එක්ව ලොරි රථ රියදුරු ගේ සිරුර රෙදි කැබැල්ලක ඔතා සීය වාහනයට දමාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට පියවර ගැනීම මෙහි විශේෂත්වයකි.

    lorryaccident1 px 900 19 05

    නවතා තිබූ ලොරි රථයේ රියදුරු කියා සිටියේ තමන් බිරිඳ දරුවන් සහ මව සමඟ පොලොන්නරුව ප්‍රදේශයට මෙම ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේ පන්සල ආසන්නයේ නවතා නිදාගත් බව යි. පසුව ගමනට සූදානම් වී තමන් රියදුරු අසුනට නගිනවත් සමග එක වැරම පිටුපසින් ආ ලොරි රථය තම රථයේ ගැටුණු බවත් ඔහු පැවසිය. රියදුරු හඬා වැටෙමින් කියා සිටියේ අම්පාර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වූ බවයි. 

     

     

     

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:29

    Latest News