අද සිට සියලුම පාසල් සාමාන්‍ය ලෙස

ජන 10, 2022

    අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව එම තීරණය ගෙන ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් අදියර කිහිපයක් යටතේ පාසල් ළමුන් අධ්‍යයන කටයුතු සඳහා පාසල්වලට කැඳවීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

    නමුත් පාසල් ආපණ ශාලා තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබේ.

    මේ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමග සිසුන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ‍, ළමුන් සමාජයට නිරාවරණය වීමත් සමග කොවිඩ් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවය.

    Latest News