වැල්ලවායේ දේවාලයකින් ලක්ෂ 7 1/2ක් පැහැගත් සිව් දෙනෙකු අල්ලයි

ජන 10, 2022

    දේවාලයලට ඇතුළු වී එහි කපු මහතා, බිරිඳ සහ දරුවන් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථ දෙකක්ද සමඟ අත්අඩංගුවට පත්ව ඇත.



    වැල්ලවාය, ඌව, කුඩාඔය, පොලිස් බල ප්‍රදේශයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දේවාලයක කපු මහතා,ඔහුගේ බිරිඳ සහ දරුවා මෙසේ පැහැරගෙන ගොස් තිබේ.

    මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙම පැහැරගැනීම සදහා උපයෝගී කර ගත් මෝටර් රථ දෙකක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වීරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහත් හතලිහත් අතර පසුවන්නන් බව පොලිසිය පැවසීය.

    සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා කුඩාඔය පොලිසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (10) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Latest News