මාරවිල කංසා වගාවක් වටලයි

පෙබ 26, 2019

    මාරවිල, පනංගොඩ ප්‍රදේශයේ ගෙවත්තක පවත්වාගෙන ගිය නීති විරෝධී මහා පරිමාණ කංසා වගාවක් මාරවිල පොලීසිය විසින් වටලනු ලැබීය.

    පොලිස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණේ ඊයේ සවස. හුදකලා ස්ථානයක පිහිටි ඉඩම්, සැකකරු කුලී පදනම මත ලබාගෙන ඇත්තේ පළතුරු සහ භෝග වගා කිරීමට බව පවසමින්. මල් පෝච්චි 1,100ක කංසා පැල වගාකර තිබිණ. මීට මාස කිහිපයකට පෙර ලබාගෙන ඇති ඉඩම් අක්කර අටහමාරකින් යුක්තයි. එහි කොටසක දැල් ආවරණ යොදා, මල් පෝච්චිවල කංසා වගාකර තිබිණ. රිකිලි බද්ධ ක්‍රමයට එම පැළ, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත කර වගාකර ඇති බවයි, පොලීසිය පවසන්නේ. වගාව ආරම්භ කර ඇත්තේ, මීට මාස දෙකහමාරකට පමණ පෙරයි. ජාවාරම්කරු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ.

    සැකකරු කටුනේරිය ප්‍රදේශයෙ පදිංචි 35 හැවිරිදි අයෙක්. මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, කේරළ ගංජා සකස් කිරීමට වගා කරන විශේෂිත පැළ වර්ගයක් මෙලෙස වගාකර ඇති බවයි. සැකකරු අද මාරවිල දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 07:47

    Latest News