සීමාව පැන්න ඉන්දීය ධීවරයන්ට මාංචු

පෙබ 26, 2019

    මෙරට මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නව දෙනෙක් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු නාවික හමුදාව අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) දෙකක් ද නාවික හමුදා බාරයට ගැනිණ.

    ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 07:33

    Latest News