තාවුල්පාඩු තීරයෙන් බීඩිකොළ පාර්සල් 33ක්

ජූනි 05, 2019

    මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

    තාවුල්පාඩු වෙරළ තීරයට ගොඩගසා තිබූ පාර්සල් තුල බීඩිකොළ කිලෝග්‍රෑම් 1011.3ක් තිබූ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

    ඒ සමග සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 56 සහ 27 වියෙහි පසුවන තෝඩ්ඩවේලි සහ එරුක්කුලම්පිඩඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

    නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළේය.

    2 1

    Last modified on බදාදා, 05 ජූනි 2019 09:31

    Latest News