රජයේ ඉදිරි වැඩ ගැන ජනපති - අගමැති සාකච්ජාවක් (විඩියෝ)

ඔක් 28, 2018
  • ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    රජයේ ඉදිරි වැඩ කටයුතු කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

    එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්තී‍්‍රවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලූ මන්තී‍්‍රවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කරන ලදී.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අලූත්ගමගේ මහතා ද, ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනාගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 13:00

    Latest News