එකඟතාවන් මත පක්ෂ නායක හමුව අවසන් (විඩියෝ)

නොවැ 18, 2018
  • UP DATE -
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හමුව අවසන්ව තිබේ.

    අද පස්වරු 5.00ට ආරම්භ වූ මෙම පැය හමුව පැය 2කට අධික කාලයක් පැවැත්විණ. මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැති- ඇමතිවරු කිහිප දෙනෙකු සහභාගි වූහ.
    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ පාර්ශ්වයෙන් ද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ හමුවට එක්වූහ. තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ද මේම හමුවට සහභාගි වූ බවයි එහි සිටින අප වාර්තාකරු පවසන්නේ. එකඟතා කිහිපයක් මත මෙම හමුව අවසන් වූ බවයි, වාර්තා වන්නේ.

     

    ජනපති සහ පක්ෂ නායකයින් සාකච්ඡා අරඹයි - (17.30)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික නායකයින්ගේ හමුව ආරම්භ වි තිබේ. පසුගිය  දිනවල පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාව හා ගැටුම්කාරී තත්වය අවසන් කර පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  සර්ව පාක්ෂික නායක හමුව කැඳවනු ලැබිණ. පක්‍ෂ ගණනාවක නායකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට මේ වනවිට පැමිණ ඇති අතර, මීට සුළු වේලාවකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි බව එහි සිටින රූපවාහිනී වාර්තාකරු පැවසිය.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද පැවැත්වෙන බව ජනාධිපතිතුමා විසින් ඊයේ නිවේදනය කළේය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 18 නොවැම්බර් 2018 19:57

    Latest News