බදුල්ලට අද රාත්‍රී සිට සීඝ්‍රගාමී දුම්රියක්

දෙසැ 23, 2021

    කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව අද (23) දිනයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතයි.

    මෙම දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනූවයි. එස්.14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්‍රී දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට (24) දිනයේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5.50ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

    Latest News