සිරිපා මළුවට සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කිරීම අද

දෙසැ 17, 2021

    ශ්‍රී පාද වන්දනා වාරය 2021-2022 ආරම්භ කිරීම නිමිත්තෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරයේ සිට ශ්‍රී පාද මළුවට සමන්දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව, දේව ආභරණ වැඩම කිරීම අද (17) පෙරවරු 5.20ට සිදු කෙරේ.

    පසුගිය වසරේ මෙන්ම රත්නපුර පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය සහ බළන්ගොඩ මාර්ග හතරෙන්ම දේව ආභරණ වැඩම කිරීම සිදු කෙරේ.

    හෙට (18) සිරිපා මළුව කහවතුරෙන් දෝවනය කර පුජා පැවැත්වීමෙන් අනතුරුව හෙට (18) එළඹෙන උඳුවප් පුර පසළොස්වක පෝදා සිට 2021-2022 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වෙයි.

    පුරා මාස හයක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පුර පසළොස්වක පෝදායින් නිමාවට පත්වේ.

    Latest News