මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය 100ක් අත්අඩංගුවට

ජන 01, 2020

    ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි 100 ආසන්න පිරිසක් ගත වූ මාස තුල සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරිවරයා පවසයි.

    ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වු දිනයේ සිට ඉකුත් වසරේ දෙසැම්බර් 30 වැනිදා වන විට හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 98 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් අයකර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසීය.

    හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන අය අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය, හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශය, හැටන් කොට්ඨාශ පොලිස් බුද්ධි අංශය, හැටන් පොලිසියේ නිලධාරින් විසින් ගිනිගත්හේන දියගල, හැටන් දුම්රිය ස්ථානය, හැටන් බස් නැවතුම්පොල යන ස්ථානවල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.

    හෙරොයින්, ඇසිස්,කේරල ගංජා,මදන මෝදක ගුලි රැගෙන පැමිණි සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර තිබේ.ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය සහ මත්පැන් රැගෙන ඒම තහනම් කර තිබේ. තවදුරටත් එම නියෝග නොපිළිපැද මත්ද්‍රව්‍යය රැගෙන එන අය අත්අඩංගුවට ගැනිම සදහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ.

    ඒ අනූව හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන, වටවල ,නෝටන්බ්‍රිජ්,නල්ලතන්නිය, මස්කෙලිය, නොර්වුඩ්, බගවන්තලාව සහ හැටන් යන පොලිස් ස්ථාන වලින්ද වෙන් වෙන් වශයෙන් මෙහෙයුම් දියත් කර තිබේ.

    ඊට අමතරව ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන අය අත්අඩංගුවට ගැනිම සදහා දිවා රාත්‍රි දෙකේම විශේෂ පොලිස් කණ්ඩායම් රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් අධිකාරිවරයා කියා සිටියි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 11:43

    Latest News