ශ්‍රී පාද වන්දනා වාරය 2021-2022 ආරම්භ කිරීම නිමිත්තෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරයේ සිට ශ්‍රී පාද මළුවට සමන්දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව, දේව ආභරණ වැඩම කිරීම අද (17) පෙරවරු 5.20ට සිදු කෙරේ.

ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි 100 ආසන්න පිරිසක් ගත වූ මාස තුල සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරිවරයා පවසයි.

මෙවර ශ්‍රි පාද සමය අදින් ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම අද සිදු කෙරේ.

Latest News