චීන පොහොර අර්බුදය විසඳීමට දෙපාර්ශවය අතර එකඟතාවක්

දෙසැ 14, 2021

    චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

    ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇත.

    ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත පරිදි කාර්යසාධන ඇපකරය සුරකුමක් ලෙස තබා ගනිමින් අදාළ පොහොර තොගය අඩංගු නැව ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී ඇත.

    Latest News