ඉන්දුනීසියාවට ආසන්නයේ භූ කම්පනයක්

දෙසැ 14, 2021

    ඉන්දුනීසියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන ති‍බේ. එය රික්ටර් පරිමාණ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුතු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

    ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි.

    භූමිකම්පාවේ අපකේන්ද්‍රය එරට මුහුදු වෙරළට කිලෝමීටර් 100ක් උතුරු දෙසින් සහ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

    මේ හේතුවෙන් සුනාමි තත්වයක් හට ගැනීමේ අවදානමක් මතුව තිබේ. කෙසේ වෙතත්, මේ වන තෙක් තවමත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, සුනාමි රැළි හට ගනු ලැබුවද, එමගින් අනතුරක් සිදු වීමට ඇති හැකියාව ඉතා අල්ප බවයි.

    Last modified on අඟහරුවාදා, 14 දෙසැම්බර් 2021 14:51

    Latest News