චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

කාබනික පොහොර ආනයනය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින දෙයි.

විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය කෙරුණා.

Latest News