කාබනික පොහොර යොදා කළ සාර්ථක කහ වගාව

දෙසැ 14, 2021

    තංගල්ල ගොවි මහත්වරුන් දෙදෙනෙක් කාබනික පොහොර යොදාගනිමින් අක්කර 06ක කහ වගාවක් සාර්ථක ලෙස සිදුකර තිබේ.

    ඒ තංගල්ල විගමුව පදිංචි ගුනසේන ගමගේ හා එම්. නෙල්සන් යන ගොවි මහතුන් දෙපළ විසින්.

    ඔවුන් දෙදෙනා විසින් තම ඉඩම්වල කහ වලට අමතරව තල, මුං , ඉඟුරු හා කුරක්කන් ආදි වෙනත් වගාවන් ද සාර්ථක ලෙස සිදු කර තිබේ. ජලය සපයා ගැනීමේ අසීරුතා ඇතත්, අවම ජල පහසුකම් යටතේ ඔවුන්ට මෙම කහ වගාව සිදු කර ගැනීමට හැකි වී තිබේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ගොවීන් දෙදෙනාගේ කහ වගාව පසුගියදා (12) නිරීක්ෂණය කරනු ලැබීය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික වගාව යටතේ සිදු කර ඇති මෙම වගාව ආදර්ශ වගාවක් ලෙස සෙසු ගොවීන් ද අවධානය යොමු කළ යුතු බවයි.

    අවම ජල භාවිතයකින් වගා කර ඇති මෙම කහ වගාව පසුගිය වසරේ එක අක්කරයක් වගා කිරීම මගින් ආරම්භ කර ඇත.

    ඉන් විශාල ආදායමක් උපයා ඇති අතර ඉන් ලබා ගත් බීජ යොදා ගනිමින් මෙවර අක්කර 06ක වගා කළ බව ගොවීන් පවසයි.

    Last modified on අඟහරුවාදා, 14 දෙසැම්බර් 2021 11:45

    Latest News