පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූණා.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව හදිසි නඩුකරයක් සේ සලකා එය කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස නියම කලා.
එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටියේ රජය විසින් චීන සමාගමකින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි.
එම කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා හා කෘමීන් අන්තර්ගත ගත වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය භාවිත කිරීමෙන් මෙරට පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට ද දැඩි අගතියක් සිදු විය හැකි පෙන්වා දෙනවා.
මෙලෙස ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයට ගැනීම තුළින් පැළෑටි සංරක්ෂණ පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු අණ පනත් යටතේ වරදක් උද්ගත වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එම පොහොර වර්ග වගා කටයුතු සදහා යොදාගත හොත් කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ දැඩි ඛේදවාචකයක් ඇති වීමට ඉඩ කඩ ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම ප්‍රමිතියෙන් තොරව කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කළ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.