'Made in Sri Lanka' රාජ්‍ය වෙළෙඳ ද්වාරය ජනගත කෙරේ

දෙසැ 12, 2021

    'මේඩ් ඉන් ශ්‍රී ලංකා' රාජ්‍ය වෙළෙඳ ද්වාරය ජනගත කිරීම ඊයේ සිදුකෙරිණ. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    රාජ්‍ය අංශය සතු ප්‍රථම සහ එකම වෙළෙඳ ද්වාරය වන්නේ මෙයයි. මෙය දේශීය ව්‍යවසායකයා අන්තර් ජාතික තලයට රැගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ පියවරක්. මෙය ක්‍රියාත්මක කරන්නේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියයි.

    ශ්‍රී ලංකාවේ ශුද්‍ය, සළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නියුතු ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කර විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙයි.

    අන්තර්ජාතික භාණ්ඩ හුවමාරු සේවා ආයතන ද මේ සමග අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයක්.

    Latest News