අදත් (12) විදුලිය කප්පාදුවක්

දෙසැ 12, 2021

    නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව, අද (12) දිනයෙත් සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම කපා හැරීමට සිදුවිය හැකිය බව එම අමාත්‍යංශය සඳහන් කරයි. 

    නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කෙරෙන ජනණ යන්ත්‍රය අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

    Latest News